Image

මොකක්ද දේශපාලනයට මගේ තියන නුසුදුසුකම? – රංජන් රාමනායක

ක්‍රියාකාරී දේශපාලනයට හිත හොඳ කලාකරුවන් පැමිණීමේ බිය ඉතිහාසයේ සිට අද වනතෙක් පවතින බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා පවසනවා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එම පක්ෂයේ මංගල මහා සමුළුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

විශිෂ්ඨ කලාකරුවෙකු වන දිවංගත විජය කුමාරතුංග මහතා පිළිබඳ එහිදී සිහිපත් කළ රංජන් රාමනායක මහතා පෙන්වා දුන්නේ කුමාරතුංග මහතාගේ දේශපාලන ආගමනය නැවැත්වීමට අතීතයේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වු බවයි.

එවැනි කුමන්ත්‍රණ වර්තමානයේදී ක්‍රියාත්මක වන බවත්, කලාකරුවන් දේශපාලනයට පිවිසීම බිය නොවිය යුතු කරුණක් බවත් රංජන් රාමනායක මහතා පැවසුවා.

තමන් දේශපාලනයට සුදුසු නොමැති බවට පවසන පුද්ගලයින්ගේ තමාට ඇසීමට ඇත්තේ කුමක්ද තමාගේ තිබෙන නුසුදුසුකම යන්න පමණක් බවයි ඔහු එහිදී කියා සිටියේ.

මේ එහිදී වැඩිදුරටත් අදහස් පළකල එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රංජන් රාමනායක මහතා,

“විජය කුමාරතුංග කියන කලාකරුවා දේශපාලනයට එනකොට අපේ රටේ විධායක ජනාධිපතිවරයා පවා බයවුණා.. එක දිගට ඔහුට කෙණෙහිලිකම් කළා.. මේ වාගේම බයක් මේ ක්‍රියාකාරි දේශපාලනයට හිත හොඳ කලාකරුවන් එනවට ඒ කාලේත් තිබුණා.. ඇයි මෙච්චර බය.. අපි දේශපාලනයට සුදුසු නැහැල්ලු.. මං අහන්නම් මොකක්ද මගේ තියන නුසුදුසුකම.. හොරකම් කරලා තියනවද? මිණී මරලා තියනවද?.. මංකොල්ල කාලා තියනවද? කප්පම් අරගෙන තියනවද? කුඩු විකුණලා තියනව ද? එතනොල් ගෙනල්ලා තියනවද? අපි හැමදාම තිත්ත ඇත්ත කතා කරා පාර්ලිමේන්තුවේ දී..”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.