Image

වෛද්‍යවරිය දූෂණය කළ බව කියන සැකකරුගේ නිවසේ බෝම්බයක්.!

අද (14) පෙරවරුවේ අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුගේ නිවසේ තිබී ජීව අත්බෝම්බයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අදාළ වෛද්‍යවරියගේ නැති වූ දුරකථනය සෙවීම සඳහා ගල්නෑව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළාකාය එක්ව සැකකරු පදිංචිව සිටි ගල්නෑව නිවස පරීක්ෂා කිරීමේ දී මෙම ජීව අත්බෝම්බය සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (13) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී පැය 48ක් රඳවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිවිය.

TRENDING POST