Image

ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 70,000ක් මෙරටට.!

මාධ්‍ය වෙත පිළිතුරු දෙමින් කෘෂි­කර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි­මාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා පැව­සූවේ රටේ පව­තින සහල් අර්බු­ද­යට පිළි­ය­මක් ලෙස ඉන්දි­යා­වෙන් සහල් මෙට්‍රික්ටොන් 70000 ක් ආන­ය­න­යට අදාළ කැබි­නට් පත්‍රි­කාව ලබන සතියේ ඇමැති මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කිරීමට නියමිත බවයි.

එළඹෙන උත්සව සමයේ ජනතාවට හිඟ­ය­කින් තොරව සහල් සැප­යීමේ අර­මු­ණෙන් මේ පිය­වර ගත් බවද ාමාත්‍යවරයා පැවසීය.

ඇමැ­ති­ව­රයා පවසන්නේ කෘෂි­කර්ම හා වෙළෙඳ අමා­ත්‍යාංශ ඒකා­බද්ධ පියවරක් ලෙස මෙම පත්‍රි­කාව ඉදි­රි­පත් කරන බවත් මේ යටතේ නාඩු සහල් මෙට්‍රික්ටොන් 70,000ක් පළමු අදි­යර යටතේ ආන­ය­නය කරන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“සහල් ගෙන්නු­වත් අපි ගොවි­යාට මෙන්ම පාරි­භෝ­ගි­ක­යාට ගැට­ලු­වක් වන්නට ඉඩ තබන්නේ නැහැ. අත­ර­මැ­දි­යන්ට පාරි­භෝ­ගි­ක­යන්ව ගසා­ක­න්නට කිසි­සේත් ඉඩ තබන්නේ නැහැ.

මහා පරි­මාණ සහල් මෝල් හිමි­යන් සමඟ අපට ප්‍රශ්න­යක් නෑ. සහල් වෙළෙඳපොළේ හිඟ නම් සහල් නිෂ්පා­ද­නය වී තිබෙ­නවා නම්, ඒ සහල් තොග තිබෙන්න ඕනෑ ඒ හාල් මෝල් හිමි­යන් ළඟයි. ඒ නිසා අපි පාරි­භෝ­ගි­කයා සහ ගොවියා ගැන සිතා මේ තීර­ණය ගත්තා.

මේ අනුව උත්සව සම­යට අවශ්‍ය ප්‍රමා­ණ­යට සහල් වෙළෙ­ඳ­පො­ළට ලබා­දෙ­න්නට අපට පුළු­වන්. හිඟ­ය­කින් තොරව රජයේ ප්‍රකා­ශිත මිල අනුව සහල් ලබා­ග­න්නට පාරි­භෝ­ගි­ක­යාට මෙහිදී හැකි­යාව ලැබෙ­නවා.

මේ සහල් ගැට­ලු­වට සදා­කා­ලික උත්තර අප ළඟ නෑ. වෙළෙ­ඳ­පොළ පව­තින තත්ත්ව­යට ගැළ­පෙන උත්ත­රය ලෙසයි මෙම සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආන­ය­නය කිරී­මට තීර­ණය කළේ. මේ වන විට මාස් කන්නය ආරම්භ වී තිබෙ­නවා. මේ කන්න­යේදී හොඳ නාඩු අස්වැ­න්නක් අපට ලැබෙයි කියා අප විශ්වාස කර­නවා”

TRENDING POST