රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් කුමන අභියෝග ආවත් එය විසඳන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සදහන් කරයි.
අපේ රටේ දූපත් තිබෙන බැවින් එම දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සදහන් කරයි.
අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සදහන් කළේ,
“අපි අධිෂ්ඨානයක ඉන්නවා රිළවුන් ඇතුළු වනසතුන් ගොවි බිම්වලින් ඉවත් කරන්න. ඒක ස්ථිරව කරනවා. ඒක නොකර කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්න බැහැ. කෘෂිකර්මාන්තය විතරක් නෙමෙයි ජන ජීවිතයේ අනෙකුත් පැතිකඩත් බිඳ වැටිලා තියෙන්නේ.
කවුරුත් සැකයක් තියාගන්න එපා මොන අභියෝගය ආවත් ඒක විසඳනවා. රට යැවීම ගැනත් සලකා බලනවා. අපේ රටේ දූපත් තියෙනවා. ඒ දූපත්වලට යැවීම සම්බන්ධයෙනුත් ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එකක් සකස් කරමින් තියෙනවා.
ඒක සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වන ආකාරයට. ඒ නිසා සංචාරක කර්මාන්තයත්, ගොවිජන ජීවිතයත්, පොදුජන ජීවිතයත් සලකලා බලලා මේකට අපි උත්තරයක් හොයන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.”

