Image

රනිල්ගෙ අය දෙවැනි මනාපය දෙන්නේ සජිත්ට.. පොහොට්ටුවේ අයත් දෙන්න.!

රටේම ඉන්න එක්සත් ජාතික පක්ෂයේ අයත්, රනිල් වික්‍රමසිංහට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සදහන් කළාය.

පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න මන්ත්‍රීතුමන්ලා, ගමේ ඉන්න පොහොට්ටුවේ ලේබල් වැදුණු සියලුම ජනතාව⁣ට කියන්න තියෙන්නේ දෙවන මනාපය සජිත්ට දෙන්න කියා බවද මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සදහන් කළාය.

මන්ත්‍රීනි රෝහිණී කවිරත්න තවදුරටත් සදහන් කළේ,

“2024 ඔක්තෝබර් සිට 2025 අප්‍රේල් දක්වා ලංකාවට බහූ පාර්ශවීය ණය ගෙවන්නට තිබෙනවා. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුවට මේ ගෙවාගෙන ආවා වගේම ණය හා පොලිය ගෙවිය යුතුයි.

දැනට තියෙන අතිරික්තය ඔය මාස තුනට තෙල්, ගෑස් විදුලිය, ඖෂධ ගේන්න පුළුවන් වෙයි. ජවිපෙ දෙන පොරොන්දුව අනුව වැට් අඩු කරනවාලු. බදු අඩු කරනවා ලු. ඒ කියන්නේ අර මැදමුලනේ ගෝඨාභය කරා වගේම ආදායම නැති වෙනවා. මට ඇහුණා කොටස් වෙළඳපොල සූදුවක් ලූ.

ජවිපෙ ආණ්ඩුවක් එනවා හුළඟ දැනුණු ගමන් රටේ ලොකුම සමාගම් ටිකේ කොටස් මිල පහත වැටෙනවා. දස දහස් ගානකට රස්සාවල් නැති වෙනවා. කොටස් වෙළඳ පොල කඩා වැටෙනවා. හරිම සරලයි. මැදමුලනේ ගෝඨාභය යටතේ වුනා වගේම, රටේ ඩොලර් ටික ඉවරයි. තෙල් ටික නැති වෙනවා. ගෑස් ටික නැති වෙනවා. රට හොම්බෙන් යන්න පටන් ගන්නවා.

මිත්‍රවරුණි, මැදමුලනේ ගෝඨාභය හොඳටම කළෙත් ඔය ටිකම තමයි. දැන් තඹුත්තේගම දෙවන ගෝඨාභය කරනවා කියන දේවල්වලින් වෙන්නෙත් ඔය දේම තමයි. රටේම ඉන්න එජාපයේ අය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කැම්පේන් කරන අයත්, අනිවාර්යයෙන්ම දෙවැනි මනාපය හරි සජිත් ප්‍රේමදාසට දෙනවා.

පොහොට්ටුවේ ඉතිරිවෙලා ඉන්න අපේ ගරු මන්ත්‍රීතුමන්ලා විතරක් නෙවෙයි, ගමේ ඉන්න, පොහොට්ටුවේ ලේබල් වැදුණු හැමෝටම කියන්න තියෙන්නේ, දෙවන මනාපය නොවරදවාම සජිත්ට දෙන්න කියලා. නාමල්ටවත්, රනිල්ටවත් මේ රටේ මිනිස්සු බේරාගන්න බෑ. ඒක කරන්න පුළුවන් සජිත්ට විතරයි.

මේ රට විනාශයට යන එක නවත්වන්න විතරක් නෙවෙයි. ජවිපෙට විරුද්ධ මතයක් දරන අයගේ ගෙවල්, ජීවිත බේරලා දෙන්න පුළුවන් වෙන්නෙත් මේ ඡන්දයේදී. තඹුත්තේගම දෙවන ගෝඨාභය පරද්දලා අනිවාර්යයෙන්ම ජනපති වෙන සජිත් ප්‍රේමදාසට විතරයි.”

ජන රැළියකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මේ බව සදහන් කළාය.

TRENDING POST