Image

ආණ්ඩුව දවස් 13ට කෝටි 41,900 ක ණය අරන් – රෝහිණී කවිරත්න

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

ඔක්තෝම්බර් 02 – රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200

ඔක්තෝම්බර් 09 – රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500

ඔක්තෝම්බර් 11 – රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500

පසුගිය දවස් කිහිපය තුල රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ලබාගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි.

TRENDING POST