Image

2015 මහින්ද දාලා ගෙදර එන්න එපා කියපු අම්මා රෝහිතට ඊයේ කිව්ව කතාව

රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් ජනාධිපති කරවීමේ සටන කළුතර දිස්ත්‍රික් ජනතාවගෙන් ආරම්භ කරන බවයි.

එමෙන්ම දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මැතිවරණය කරන වගකීම බාරගන්නා බව පැවසූ එතුමා අකමැත්තෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා යෑමට තීරණය කළේ ජනතාවගේ දැඩි ඉල්ලීම නිසා බව සිහිපත් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසූවේ, වයස අවුරුදු 87ක් වන තම මව 2015 වසරේ තමාට පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතා තනි කර නැවත ගෙදර නොඑනා ලෙස වුවත්, එම අම්මාම ඊයේ දිනයේ පුතේ උඹ ගිහින් රනිල් ජනාධිපති කරපන් යැයි පැවසූ බවයි.

එසේම අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසූවේ තමා හොඳ පාසලක ඉගෙන ගත් පුද්ගලයෙකු බැවින් ඡන්ද කරනා හැටි හොඳින් දන්නා බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.