Image

බදු නොගෙවා වරායෙන් පැන්නු කෝටි ගණනක වාහන හමුවෙයි.. බෑණා සමග රත්තරන් හොරකමේ.!

නෛතික ලේඛනයක් රහිත ලියාපදංචි නොකළ අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලියු රථයක් සහ මිට්සුබිෂි ජිප් රථයක් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ බෑනාගේ නිවසක සඟවා තිබියදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිය භාරයට ගෙන ඇත.

එම මෝටර් රථවල වටිනාකම කෝටි හයකට ආසන්න වන අතර මොටර් රථ දෙක තීරු බදු නොගෙවා වරායෙන් රහසිගතව පිට කරගෙන සිය බෑණාගේ නිවසේ සඟවා තබන්නට හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

සැකකටයුතු වාහන දෙකක් අරුප්පොල ප්‍රදේශයේ නිවස සඟවා ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත එම ස්ථානය වටලා ඇති අතර වැටලීමේදි එම නිවස රෝහිත අබේගුණවර්ධනගේ බෑනාගේ නිවස බවට අනාවරණය විය.

අනතුරුව එම සුඛෝපභෝගී වාහන දෙක සම්බන්ධව පොලිස් විමර්ශකයෝ එය රඳවාගෙන තබාගෙන සිටි පුද්ගලයාගෙන් ප්‍රශ්න කර ඇති අතර අනතුරුව වාහන සම්බන්ධ කිසිම නෛතික ලේඛනයක් හෝ ලියාපදිංචිය පිළිබඳ සහිතයක් ඉදිරිපත් කිරීමට වාහන සන්තකයේ තබා ගත් රෝහිතගේ බෑණාට හැකියාවක් ලැබී නොමැත.

රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනවිට ඔහු පුද්ගලික කාර්යමණ්ඩලය සදහා තම දියණිය විවාහ වී සිටින බෑණා සම්බන්ධ කරගෙන ඇති අතර ඔහු මහනුවර ප්‍රධාන පෙළේ මෝටර් රථ අලෙවි ව්‍යාපාරයක් කරන පුද්ගලයෙකුගේ පුතෙකි.

TRENDING POST