Image

NPP එක ෆේල් කියලා ජනතාව අපට ආණ්ඩුව දෙන්න හදනවා…! – රොෂාන් රණසිංහ

අනුර දිසානායක ජනාධිපතිවරයා තවමත් වැඩ කිරීම අමතක කර විවේචන කරමින් ඇතැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක රොෂාන් රණසිංහ පවසයි.

ජනාධිපති ධුරය ලබා දුන්නේ විවේචනය කරමින් සිටීමට නොව වැඩ කිරීමට බවයි, ඔහු සඳහන් කළේ.

ජනතාව දැන් මාලිමාව ද අසමත් යැයි කියන්නට පටන් ගෙන ඇති බව ද රොෂාන් රණසිංහ ප්‍රකාශ කරයි.

මේ නිසා සර්වජන බලය එඩිතර විපක්ෂයේ කාර්යභාරය කිරීමට සූදානම් වුව ද ජනතාව ආණ්ඩුවේ කාර්යභාරය භාර දීමට පැහැදීමෙන් සිටින බව ද ඔහු අවධාරණය කරයි.

සර්වජන බලය ජනහමුවක් අමතමින් රොෂාන් රණසිංහ මේ බව කීය.

TRENDING POST