Image

රනිල්ට එකතු වු හොරු වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ දුෂණ චෝදනා ලැබූ පුද්ගලයින් රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට පැමිණියත් තමන් කිසිවිටකත් හොරු වෙනුවෙන් පෙනී නොසිටින බව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති රෝසි සේනානායක සදහන් කළාය.

තමන්ට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සමග තරහක් නැති බවත් ඔහු එපා වෙන්නේ නැති බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවද හිටපු නගරාධිපති රෝසි සේනානායක සදහන් කළාය.

භීෂණ සමයේදී රතු සහෝදරවරුන් විසින් තමන්වද මරා දැමීම සඳහා සැලසුම් කර තිබු බවත් ජීවිතාරක්ෂාව උදෙසා තමන් දරු දෙදෙනා සහ සැමියා සමඟ රටින් පිටව ගිය බවද හිටපු නගරාධිපති රෝසි සේනානායක සදහන් කළාය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නගරාධිපති රෝසි සේනානායක මේ බව සදහන් කළාය.

TRENDING POST