Image

රුසියානු සබ්මැරීනයකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ රුසියානු සබ්මැරීනයකට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බව යුක්‍රේන හමුදාව සදහන් කරයි.

රොස්තොව්-ඔන්-ඩොන් (Rostov-on-Don) 2014 නම් රුසියානු සබ්මැරීනයට සෙවාස්ටොපෝල් වරායේදී පහර දුන් බවත් අනතුරුව එම ස්ථානයේදීම ගිලී ගිය බව යුක්‍රේනයේ සන්නද්ධ හමුදාවේ ප්‍රධාන කාර්ය මණ්ඩලය සදහන් කරයි.

රුසියානු නාවික හමුදාවට එය විශාල පහරක් බවත් කළු මුහුදේ බලඇණියෙන් තුනෙන් එකක් දැනටමත් අහිමි වී ඇති බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

TRENDING POST