පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා වතුකරයේ ජනතාව රවටා එම ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා සිදු කරනු ලබන කුමන්ත්රණයක වීඩියෝ පටයක් ලැබී ඇත.
එහිදී එස්.බී දිසානායක මහතා පවසන්නේ කෙසේ හෝ එළඹෙන 10 වැනිදාට පෙර වතු කම්කරුවන්ට රුපියල් 350 හෝ ලබා දී ඡන්දය ලබාගත යුතු බවයි.
එමෙන්ම වැඩි කළ වැටුප ලෙස අත්තිකාරම් මුදලක් ගෙවා කම්කරුවන් රැවටීම සඳහාද ඔහු උපදෙස් ලබාදෙන අයුරු එම වීඩියෝ පටයේ සඳහන් වෙයි.
වතුහිමි ව්‍යාපාරිකයන්ට නිවෙස් ගිනි තබනා බවට තර්ජනය කරනා ලෙසද ඔහු සඳහන් කරන අයුරු එම වීඩියෝ පටයේ සඳහන් වේ.
(උපුටා ගැනීමකි )

