Image

මාලිමාණ්ඩුව මහ මැතිවරණෙන් ගන්න ඡන්ද ගැන එස්.බීනේ අනාවැකියක්

මාලිමාණ්ඩුව ඉදිරි මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි අත්වන බව කී දිසානායක මහතා ඒ වාසිය මෙවර ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරඟ කළහොත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට හැකි වනු ඇති බව එස්.බී දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට රට ගමන් කරවීමට හැකිවනු ඇති බව ද එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.