Image

ජේ.ආර් කරපු වැඩේ අනුර කුමාර නොකරපු එකනම් ඉතාම බුද්ධිමත් තීරණයක්.! එස් බී දිසානායක

මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා පවසා සිටියේ වත්මන් ජනපතිවරයා විසින් චීනයෙන් ආරාධනාවක් ලැබී තිබියදීත් සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරාගැනීම ඉතාම බුද්ධිමත් තීරණයක් බවයි.


“මම හිතන්නේ මේ රජය පුළුවන් තරම් ජාත්‍යන්තර මූලය අරමුදල සහ ශ්‍රී ලංකා ආණ්ඩුව එක්ක තියෙන ගිවිසුම ට එකඟව ඉස්සරහට යන්න කටයුතු කිරීම හොඳ දෙයක්. ඒ මොකද මේ වෙලාවේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් එක්ක ලොකු ගැටලුවකට ගියොත් ඒ එක්කම ආර්ථිකයට ලොකු තර්ජනයක් එනවා කියලා තමයි මම හිතන්නේ.

ඒ වගේම මං හිතන්නේ ජනපතිවරයාට පළමුවෙන්ම චීන ආරාධනයකුත් තියෙනවා මේ වෙලාවේ ඒ වගේම ඉන්දියාවේ ආරාධනයකුත් තියෙනවා. ඉන්දියාවට යන්න පළමුවෙන් තීරණය කිරීමත් මම හිතන්නේ ඉතාමත්ම හොඳයි. මොකද හයෙන් පහක බලයක් අරගෙන 1977 ජේ ආර් ජයවර්ධන එදා හිටපු අගමැති ඉන්දිරා ගාන්ධිගේ විරෝධතා මැද ඇමරිකානු ගුවන් විදුලි මධ්‍යස්ථානයකට අවසර දෙන්න ගිහින් තමයි 30 අවුරුදු යුද්ධයකට අපිව ඇදල දැම්මේ. ඒකෙන් තමයි මේ රටට මේ තරම් ආර්ථික සහ සමාජීය වශයෙනුත් හානියක් උනේ.

එහෙම බලද්දී අනුර කුමාර ගරු ජනාධිපතිතුමා ඉතාම හොඳ තීරණයක් අරන් තියෙනවා.”

TRENDING POST