නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කැකිරාව, පලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී..
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා..
එදා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බේරා ගත්ත නිසා අපි කාගෙත් හදවතේ එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා.ඒ වගේම තමයි ඊට ආසන්නවම මේ යුගයේ සිදු වෙච්ච පහුගිය අරගල සමයත් එක්ක අපේ රට ආරාජික වෙච්ච වෙලාවක, අපේ රටේ සාමය නැති වෙලා, ආර්ථික පීඩාවන් නිසා ආහාර හිඟයක් සහ විශාල දුෂ්කරතාවයන්ට රට පත් වෙන කොට ඒ රට බේරාගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.මේක ඔක්කෝටම වෙච්ච කරදරයක්,මේක පොදු ජන පෙරමුණට වෙච්ච දෙයක් විතරක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් නෙමෙයි, එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙමෙයි, සියලුම පක්ෂ වලටත්, පක්ෂ නියෝජනය කරන ජනතාවටත්, සියලුම ජාතීන් සිංහල, දෙමළ මුළු රටම මුහුණ දුන්නා මේ දුෂ්කරතාවයන්ට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එච්චර මහන්සි වෙන්න ඕන නෑ, බුද්ධිමත් ඡන්ද දායකයෝ ටික්ක අපේ රටේ හිටියා නම් , මොකද අනිවාර්යෙන්ම එතුමාට ඡන්දය දිය යුතුයි.එතුමාට ඒ කෘතගුණ සැලකීම කළ යුතු වෙනවා.නමුත් අපි දන්නවා, නොයෙකුත් අද්‍රෘෂ්‍යමාන බලවේග, එක එක ආකාරයට ඇවිල්ලා අපේ ජනතාව රවට්ටමින් මුළා කරමින් ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවන් ඉටු කර ගන්න විශාල කැපකිරීමක් කරනවා, විශාල ධනයක් වියදම් කරනවා ඒ අයගේ එම කාරණාවන් ඉටු කර ගැනීම සඳහා.නමුත් අපි සද්භාවයෙන් තමයි එකතු වුණේ.ඔබතුමන්ලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉතාම කිට්ටුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනගන්න අපි කටයුතු කළා දිස්ත්‍රික්කයේ වගේම මුළු රටේම.නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට රට භාර දෙන කොට මූලිකත්වය ගත්තේ අපේ පක්ෂයේ නායකයෝ, ඒ අය තමයි කිව්වේ රනිල් වික්‍රමසිංහ මහතා පත් කරමු, මේ වෙලාවේ හැටියට එතුමාට උදව් කරමු, අපි ඇත්තටම පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් ඒ සඳහා අවශ්‍යය උපකාරය අපි කළා, පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලය ගිණි තිබ්බා, අපේ ගෙවල් ගිණි තිබ්බා ,අපේ පොදු ජන පෙරමුණේ පොලොන්නරුවේ මන්ත්‍රීතුමා මරලා දැම්මා, ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රැස්වීමට ගිය අපේ පාක්ෂිකයෝ බේරේ වැවට දැම්මා.මේ වාගේ ඉතා විශාල විනාශයක් අපේ පක්ෂයට කරන කොට ඒ සඳහා අවශ්‍යය කටයුතු කලෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා, ඒ අය බේරා ගන්න වගේම රටම බේරා ගන්න .අපිට දේශපාලනය කරන්න නැවත භූමිය සකස් කරලා දුන්නේ එතුමා.
එහෙම ඉද්දී තමයි අපිට ජනාධිපතිවරණය සඳහා මුහුණ දෙන්න සිද්ධ වුණේ, ඒ වෙලාවේදී අපි පක්ෂයේ නායකයින්ට කිව්වා පොදු ජන පෙරමුණේ අපි සියලු දෙනාම එකතු වෙලා කිව්වා මේ සැරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එකතු වෙලා උදව් කරමු, අපි ඊළඟ වතාවේ පක්ෂයේ මොනවා හරි අරමුණක් තියෙනවා නම් යමු කියලා.ඕක පිළිගත්තේ නෑ,සාකච්ජා කර කර කර කර ඇවිල්ලා අන්තිම සතියේ තීරණාත්මක අවස්ථාවට එන කොට කිව්වේ අපි වෙනම ඉල්ලමු කියලා.අපේ සහෝදරයෙක් කිව්වා නාමල් රාජපක්ෂට කොච්චරක්ද ඡන්ද කියලා.නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා.මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා, අරමුණු කරා යන්න තිබුණා කෙටි මාර්ගයකින්.මෙච්චර දුර යන්න අවශ්‍යය වුණේ නෑ, අපි කෘතගුණ සලකන අය හැටියට අපිට එතුමාගේ කකුලෙන් අදින්න බැරි නිසා තමයි අපි පක්ෂයේ ජේෂ්ඨයෝ, දිස්ත්‍රික් නායකයෝ, ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, රාජ්‍යය ඇමතිවරු පොහොට්ටුවට ඡන්දය දුන්න 100 කට වැඩි පිරිසක් අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට උදව් කරනවා.ඒ නිසා එතුමාගේ ජයග්‍රහණය අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.අපේ රටේ ප්‍රධානම ආණ්ඩු කරපු පක්ෂ 03 ක් තමයි එතුමාට සහයෝගය දෙන්නේ, ඉතිහාසයේ කවදාවත් මේ වගේ රටේ ප්‍රධාන පක්ෂ 03 ක් එකතු වෙලා අපේක්ෂකයෙකුට උදව් කරපු අවස්ථාවක් අපි දැකලා නෑ, ඒ හයියම අපේ ජයග්‍රහණයට ඇති.අපි දන්නවා අද බලන්න බංගලාදේශයේ මේ රටේ වෙච්ච දේමයි වෙන්න ගියේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා භාර ගත්තේ නැත්නම්.මේක මොන සක්කරයාටවත් නවත්වන්න හම්බෙන්නේ නෑ, බංගලාදේශයට එහා දෙයක් වෙනවා රටට, බංගලාදේශයේ හිටියේ නෑ මිනී මරන්න පුරුදු අය, ගිණි තියන්න පුරුදු වෙච්ච අය, රෑට අයිඩෙන්ටි කාඩ් ගන්න පුරුදු වෙච්ච අය හිටියේ නෑ බංගලිදේශයේ, ඒ වෙලාවේ පැන නැගුණු ශිෂ්‍යන්ගේ අරගලය එක්ක තමයි ඔය තත්වය ඇතිවුණේ, එදා පාර්ලිමේන්තුව අල්ලා ජනතා විමුක්ති පෙරමුණේ අරගලකාරයෝ මේකේ බලය ගත්තා නම් ඊට එහා, ඒවා කරලා හුරු පුරුදු පිරිසක් මේ රටේ හිටියේ, 71 කරලා, 88-89 ත් කරපු අයට ඔය බංගලාදේශයේ අයට වගේ බලය ගියා නම් මේ රට මේ වෙන කොට ඉවරයි.ඒ නිසා රට බේරා ගත්ත නායකයා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා.එතුමා රට යහපත් තත්වයට හරවලා, සාමය උදා කරවලා, මැතිවරණය කරන්න පුලුවන් විදිහට රටේ භූමිය සකස් කරලා දුන්නා විතරක් නෙමෙයි, අපි පීඩාවට පත් වෙලා ආර්ථිකය කඩා වැටෙන කොට පොහොර මිටිය 40 000 ට ගියා, අද රුපියල් හත් අට දාහකට පොහොර මිටිය ගන්න පුලුවන් විදිහට ආර්ථික වශයෙන් ඒ සහන අද අපේ ගොවිජනතාවට ලබා දෙනවා.ඒ වගේම හෙක්ටයාරයකට රුපියල් 15 000 යි, ගිය මාස් කන්නය, යල් කන්නය වෙන කොට සහනාධාරය ලබා දුන්නේ, ඒක 25 000 දක්වා වැඩි කරලා තියෙනවා.මේ රටත් බේරා ගෙන යම්කිසි වැඩකුත් කරගෙන යනවා එතුමා, බඩු මිළ විශාල වශයෙන් ඉහළ ගිහින් තිබුණේ, බඩු මිළ පුළුවන් තරම් අඩු කරාගෙන යනවා, අපේ රටේ ඩොලර් තිබුණේ නෑ .ඩොලර් මිලියන 20000 ක් පමණ තමයි තිබුණේ භාණ්ඩාගාරයේ, ඒක අද ඩොලර් බිලියන 07 දක්වා ඉහළ දාගෙන තියෙනවා.විශාල විදේශ මුදල් සංචිතයක් අද තැන්පත් කරලා තියෙනවා.සංචාරකයොන්ගෙන් රට පිරිලා තියෙනවා, උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම, ශිෂ්‍යාධාර ලබා දීම, අස්වැසුම ලබා දීම, ආදී විශාල වැඩකොටසක් එතුමා කර ගෙන යනවා.බැරි වෙලාවත් අනෙක් ඔය කයිය ගහන කට්ටියට මේක ගියොත්, සජිත් ප්‍රේමදාසගේ හැටි අපි දන්නවා, සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමතිවරයා හැටියට ඉද්දි සංස්කෘතික අරමුදලේ තිබුණ මුදල් ටික ඔක්කෝම කාබාසීනියා කළා, ඒක බිංදුවටම හින්දුවා.දැන් භාණ්ඩාගාරයේ තියෙන බිලියන 07 ක පමණ මුදල් ටික මෙයාලා මාස 04 න් 05 න් ඉවර කරනවා.එතකොට ආයේ පාරට බහින්න වෙනවා.

