ආණ්ඩු බලය හිමිව තිබෙන ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ සිදුකළ යුත්තේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
යම්කිසි තැනක වරදක් හෝ සොරකමක් සිදුව ඇත්නම් මාධ්‍ය සංදර්ශන නොපවත්වා අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අදාළ පැමිණිලි සිදුකර, පොලිස් විමර්ශන පවත්වා වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි ඒ මහතා පැවසුවේ.
බොරු ප්‍රචාර සහ මඩ ප්‍රහාර එල්ල නොකරන ලෙසද ඔහු එහිදී කියා සිටියා.
එමෙන්ම දිගින් දිගටම පොහොට්ටුවට එල්ල කරන චෝදනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් උපේකෂා සහගතව විඳ දරා නොගන්නා බවත්, එම චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

