Image

නීතිපති රැකගන්න පොහොට්ටුව පෙරට එයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ ආණ්ඩුවට නීතිපතිවරයාගේ කටයුතු කෙරෙහි බලපෑම් කිරීමට ඉඩ නොදෙන බවත්, නීතිපතිවරයාගේ ස්වාධීනවය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනී සිටිනා බවත් ය.

නීතිපතිවරයාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කැඳවා තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

නීතිපතිවරයාට එරෙහිව නලින්ද ජයතිස්ස මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඉදිරියේදී කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

“ඉතාම භයංකර තත්වයක් ඇතිවෙලා තියෙන්නේ. මං හිතන්නේ වෛද්‍යවරයෙක් වුණත් නලින්ද ජයතිස්ස කියන පුද්ගලයා ඉතාම, මේ රට මහ භයානක තැනකට ගෙනියන්න උත්සාහ දරමින් ඉන්නවා.

මොවුන්ට මූලික වශයෙන් අවබෝධ්‍යක් නෑ රටක අධිකරණය වධායකය සහ ව්‍යවස්ථාදායකය කියන්නේ එකිනෙකින් ස්වාධීන ආයතන තුනක් කියන එක. අධිකරණයට බලපෑම් කරන්න, මේ රටේ අපි නිදහසේ ජීවත් වෙන්නේ. කවදාවත් කිසිම රජයක් අධිකරණයට බලපෑම් කරලා නෑ.

අධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පුරුකක් වන නීතිපතිවරයාට ප්‍රසිද්ධියේ තර්ජනය කරන තත්වක් තියෙනවා. රටක ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාම අහිතකර තත්වයක්. තමන්ට ඕනෑ ආකාරයට නීතිපතිවරයාට කියලා කටයුතු කරන්න බෑ නීතිපතිවරයා කියන්නේ ස්වාධීනව සාක්ෂි තියෙනවා නම් සාක්ෂි මත කටයුතු කරන පු්ගයෙක්.

අපි දැක්කා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉතාම බැරෑරුම් ප්‍රකායක් කරනවා. නීතිපතිවරයා සම්බන්ධයෙන් කමිටුවක් ඉදිරියට කැඳවනවා වගේ අදහසක් එන ප්‍රකාශයක් කළා. මෙවැනි දෙයක් කරන්න බෑ නීතිපතිවරයා කින්නේ ආණ්ඩුවට ඕනෑ විදියට නඩු දාන පුද්ගලයෙක් නෙවෙයි සාක්ෂි අනුව කටයුතු කරන පුද්ගලයෙක්.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.