Image

රනිල් දිනවන්න සිටි ජනතාව වේගයෙන් සජිත් වටා එකතු වෙනවා…! – මරික්කාර්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය දීමට තීරණය කර සිටි පිරිස් වේගයෙන් සමඟි ජන බලවේගය සමඟ එකතු වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ සමඟි ජන සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

“කාර් එකයි ත්‍රිරෝද රථයටයි තෙල් ගහන විට එක ප්‍රමාණයකට තෙල් ගහන් පුළුවන්. නමුත් ත්‍රිරෝද රථ රියදුරාට සහනාධාරයක් ලැබෙනවා. ඒ වගේම බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන පිරිස් මේ හරහා බදු දැලට හසු කරගන්න හැකියාව ලැබෙනවා. අපි ඩිජිටල් ක්‍රමවේදය වචනෙට සීමා කරන්නේ නෑ.

ඒ වගේම සොරා කෑ දේපළ නැවත පවරා ගැනීමේ පනත සමගි ජන සන්ධාන රජයක් තුළින් ගෙන එනවා. විදේශ ආයෝජන නැතිව රට ගොඩගන්න බෑ. අයෝජකයන් තුළ විශ්වාසය ඇති කරලා ආයෝජකයන් ගෙන්වාගෙන නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න කටයුතු කරනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.