සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සිදු කරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජ ජාලවල මේ වනවිට හුවමාරුවෙමින් ඇත.
එම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර එය මන්ත්‍රීවරුන්ට ලැබෙන එකම වරප්‍රසාදය බවද සදහන් කරයි.
ඒ සඳහා අත්සන් කරන තබන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එම සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු හා දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ වැටුප් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්ද මරික්කාර් අදහස් පල කර ඇත.

