Image

අපි පරාද වුණේ කඳවුර දෙකට බෙදුණු නිසායි…! – මරික්කාර්

පසුගිය මැතිවරණ පරාජයන් පිළිබඳ සිය පක්ෂය ස්වයං විවේචනයක් කළ යුතු බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

“පරාජය වෙන්න හේතු ගණනාවක් තියෙනවා. ඒ හේතු එකපාර මාධ්‍ය ඉස්සරහ කතා කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ.

අපි පැහැදිලිව ස්වයං විවේචනයක් කරගන්න ඕනේ. පැහැදිලිව ඒ හේතු අධ්‍යයනය කරන්න ඕනේ. ඒ හේතු පිළිඅරගෙන වැඩ කටයුතු කරන්න ඕනේ.

එක කාරණයක් තමයි අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගන්න ඕනේ දක්ෂිණාංශික කඳවුර දෙකට බෙදීම හරහා දක්ෂිණාංශික මතය නියෝජනය කරන ජනතාව ඡන්ද පොළට ආවේ නැහැ.”

TRENDING POST