Image

මරික්කාර්ට සජබෙන් අඩු සැලකිලි.. ලොකු පිම්මක් අත ළග.?

කොළඹ නගර සීමාවේ මැතිවරණයට තමාව දායක කරගත්තේ නැති බවත් කොළඹ නගර සභාව හදන එකට තමාව දායක කරගෙන නැති බවත් තමාට වගකීම් පවරලා නැති බවද සමගි ජන ⁣බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් සඳහන් කරයි.

මන්ත්‍රී එස්.එම් මරික්කාර් මේ සම්බන්ධයෙන් සඳහන් කළේ,

“මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. හැබැයි ඉතින් මේ මැතිවරණ ව්‍යාපාරයේදී මම පෞද්ගලිකව සමහර ඉල්ලපු, මට උදව් කරපු අපේක්ෂකයින්ට උදව් කරපු නම්, පක්ෂය විසින් කොළඹ නගර සභාව සීමාවේ මැතිවරණයට මාව දායක කරගත්තේ නෑ.

ඒ වගේම මේ නගර සභාව හදන එකටත් මාව දායක කරගෙන නෑ. ඒක ගිහින් මුජබර් රහුමාන් මන්ත්‍රී තුමාගෙන් අහන්න. එතුමා තමයි කරන්නේ මේක.

මට වගකීම් පවරලත් නෑ. මට වගකීම් දුන්නෙත් නෑ. මම සියයට 50ක් කොළඹින් ඡන්ද ගත්තට මාව සම්බන්ධ වෙලා නෑ. 117න් 29ක් හම්බුණේ ඒකනේ. හරිද..

මම මේ පක්ෂයේ නිර්මාණය කරපු මුල් 15 දෙනා අතර එක්කනෙක්. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මම බස් එකේ ඉස්සරහ සීට් එකේ තමා වාඩිවුණේ. මම පුටි බෝඩ් එකේ එල්ලිලා ආවේ නෑ හරිද. ඒ වගේම මේ පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක මම. ඒ වගේම මේ පක්ෂයේ කලමණාකරන කමිටුවේ සාමාජිකයෙක් මම. හැබැයි මම දන්නේ නෑ.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.