දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් වසර දෙකක් තුළ දිළිදු පවුලකට මසකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
වසර දෙකක් තුළ දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් පරිභෝජනය, ආයෝජනය, ඉතිරිය, නිෂ්පාදනය සහ අපනයනය යන ක්ෂේත්‍ර 5 ඔස්සේ දුප්පත්කම නැතිවිය යුතු බවද අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තවදුරටත් සදහන් කළේ,
“මම කැමතියි විශේෂ නිවේදනයක් කරන්න. මේ රටේ ලක්ෂ ගණනක ජනයා දුප්පත්කමින් මිරිකිලා. අපි ජීවත් වීමේ මාර්ගයක් නැති දුෂ්කර ජීවිතයක් ගතකරන දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, අස්වැසුමෙහි එන හොඳ ගුණාංග ගෙන අඩුපාඩු ඉවත් කර දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
දුප්පත් පවුලකට මසකට රු.20,000ක් දෙනවා. මාස 24ක් තුළ දුප්පත්කම තුරන් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. පරිභෝජනය, ආයෝජනය, ඉතිරිය, නිෂ්පාදනය සහ අපනයනයට මේ ක්ෂේත්‍ර 5 ඔස්සේ දුප්පත්කම නැතිවිය යුතුයි.
කවුරුත් කැමති නැහැ දුප්පත්කමේ රැඳීසිටින්නට. අපේ රටේ කිසිවෙකුට අත නොපා ජීවත්වීමට කැමති ජනතාවක්. කාන්තාව මුල්කරගෙන මේ සහන ලබාදෙනවා. කන්තලේ සීනි කම්හල ශක්තිමත් කරනවා. ප්‍රදේශයේ දියුණුව උදෙසා එය සිදුකරනවා සේරුවිල ජනතාවට ජයවේවා.”
සේරුවිල පැවති ජන රැළියට එක්වෙමින් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.

