තමන් මෙරට ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනතා බදු මුදලින් වතුර උගුරක්වත් හෝ කෑම වේලක් නොගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
ජනපතිට රටේ පොදු ජනතාවගේ හදගැස්ම තේරෙන්නේ නැති බවත් ඔහුගේ නාඩි වැඩ කරන්නේ නැති බවත් ඔහුගේ නාඩිය කෙළින්ම යන්නේ අනුර කුමාර දිසානායකගේ නාඩියට බවද අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කළේ,
“මම අර්තාපල් ගොවීන්ට යෝජනාවක් කරනවා. ඔබ සූදානම්ද රටේ ඉල්ලුම සපයන්න. එහෙනම් අනිවාර්යෙන්ම සහන ක්‍රමයකට අර්තාපල් බීජ ලබාදෙනවා. දැන් කිලෝ 50 රු.37,500 යි නේද? අපේ ජනාධිපතිතුමාට ඕවා තේරේන්නේ නැහැ.
ජනපතිට පොදු ජනතාවගේ හදගැස්ම තේරෙන්නේ නැහැ. ඒ නාඩි වැඩකරන්නේ නැහැ. එයාගේ නාඩිය කෙළින්ම යන්නේ අනුර කුමාර දිසානායකගේ නාඩියට. හොඳ බඩු දෙක. රනිල් ජනාධිපති අනුර කුමාර රනිල්ගේ කිහිළිකරු දෙක. ජනපතිවරු කියන්නේ ජනතාවට කැපකිරීම් කරන්න කියලා නේ.
මම 21 වෙනිදා මේ රටේ පොදු ජනතාව අපිට ඒ වටිනා වරම ලබාදෙනකොට ලොකුම කැපකිරීම කරන්නේ රටේ ජනාධිපති හැටියට සජිත් ප්‍රේමදාසයි. මම කැපකිරීම් කරලා පෙන්වන්නම්. මම පඩි සහ දීමනා ගන්න ජනපති කෙනෙක් වෙන්නේ නැහැ.
මගේ සේවාව මම මාතෘ භූමියට ලබාදෙන්නේ කිසිම වේතනයක් නැතුව. ජනතා බදු මුදලින් මම වතුර උගුරක්වත් ගන්නේ නැහැ. කෑම එකක්වත් ගන්නේ නැහැ රටේ ජනතාවගේ බදු මුදල්වලින්. මම ස්වේච්ඡා ජනපති කෙනෙක් ලෙස කටයුතු කරනවා.
බදුල්ල දිස්ත්‍රික් සංවර්ධනයට ජනපති විශේෂ කාර්ය සාධක බළකායක්. රට හදන සජබ දර්ශනයට ඔබේ හයිය දෙන්න සියලුදෙනාගේ වගකීම අපි භාරගන්නවා.”
වැලිමඩ ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.

