Image

තවත් දේශපාලන පක්ෂයක් සජිත් ප්‍රේමදාස සමග එක්වෙයි

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාධක්‍රිෂ්ණෙන් මහතා පවසා සිටියේ කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය එළඹෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලද ලබාදීමට තීරණය කර ඇති බවයි.

හැටන් සහ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසැල්වල 2023 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත් හා සහ තිළිණ පත් ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා ඒ බව පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ඒ සම්බන්ධව නිල ප්‍රකාශය එළඹෙන 8 වැනිදා සිදු කිරීමට නියමිත බවයි.

TRENDING POST