නාමයෝජනා භාර දීමෙන් අනතුරුව 2024 ජනාධිපතිවරණයට අදාළව එළඹෙන (16) වැනිදා සමඟි ජන සන්ධානයේ මංගල රැළිය කුරුණෑගලදී පැවැත්වීමට තීරණය කර ඇත.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැළියත් සමඟ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අදාළව ප්‍රධාන රැළි 100ක් සහ මධ්‍යම ප්‍රමාණයේ රැළි 400ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.