වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ නිවාස ඇමතිවරයා ලෙස ආදායම්ලාභීන් සදහා යැයි නිවාස 48,000ක් ඉදිකර එම නිවාසවල වැඩ අවසන් නොකර ව්‍යාපාරිකයන් පිරිසකට බෙදාදී ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සදහන් කරයි.
නිවාස ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභීන් සදහා ඉදිකරන බවට රටට අසත්‍ය ප්‍රකාශ කරමින් බාගෙට වැඩ අවසන් කරන ලද නිවාසවල අඩු ආදායම්ලාභීන් කිසිවෙකුත් පදිංචි වී නැතැයිද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සදහන් කරයි.
එම නිවාසවල දැනට පදිංචි ව්‍යාපාරිකයන් විසින් එම නිවාස තවත් ව්‍යාපාරිකයන් පිරිසකට විකුණා දමා ඇති බවත් එම නිවාස සදහා වියදම් කළ මුදල් පිළිබඳ කිසිවක් සොයා ගැනීමට නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.