මෙවර ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මංගල රැළිය ඊයේ (16) පස්වරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී පැවැත්විණි.
මේ සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන් ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් පැමිණ සිටි අතර මෙම රැළිය සඳහා අතිවිශාල ජනකායක් ද පැමිණ සිටියේය.
එම ජන රැළි අමතමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණයේදී පොඩි මිනිහාගේ නියෝජනය සජිත් නියත ජනාධිපති බවට පත්වන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු රාජපක්ෂ වරු සහ අකිලි විරාජ් කාරියවසම් ඇතුලු කණ්ඩායම් වල යුගය අවසන් වී ඇති බවත් දැන් උදා වී තිබෙන්නේ සජිත්ගේ යුගය බවත්ය.