සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වෙනි මාලාවේ තවත් ජනරැළියක් මහනුවර දිගන නගරයේදී ඊයේ (24) සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
“රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ජීවන වියදමට සරිලන වැටුපක් ලබාදීම සඳහා පූර්ණ බලතල සහිත කොමිසමක් අපි ආරම්භ කරනවා, රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටපු 24%කින් වැඩි කරනවා, දළ වශයෙන් 17800ක් වන මාසික ජීවන වියදම් දීමනාව 25000 දක්වා වැඩි කරනවා, දැනට පවතින බදු නිදහස් සීමාව එලෙසම පවත්වාගෙන දැනට බොහෝ රාජ්‍ය සේවකයින් 6%ත් 36%ත් අතර බඳු ගෙවනවා.
අපි ඒක 1% සිට 24% දක්වා අඩු කරනවා, අපේ වැඩිහිටි දීමනාව 5000 කරනවා. ජේෂ්ඨ පුරවැසි ඉතුරුම් පොලී යනුපාතය 15% දක්වා වැඩි කරලා ඔබගේ ඉතිරි කිරීම් වලට ලොකු වටිනාකමක් ලබා දෙනවා.
අග්‍රහාර රක්ෂණ ක්‍රමවේදය 2016 ට පෙර විශ්‍රාම ගිය අයටත් ලබා දෙනවා, අලුත් පනතක් හරහා විශ්‍රාමික ප්‍රජාව ශක්තිමත් කරනවා, අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන විශ්‍රාම වැටුප් ගැටළු ටික විසඳන්න කටයුතු කරනවා.
දැන් අපෙන් අහනවා මේවා කරන්න සල්ලි තියෙනවද කියලා, ඔව් මුදල් තියෙනවා පළමුවෙන්ම කරන දේ තමයි අනවශ්‍ය රාජ්‍ය වියදම් කපහරිනවා, මුලින්ම කපා හරින්නේ ජනාධිපතිගේ වියදම් කියන එක මං ඔබට කියන්න කැමතියි.
මම රටට බරක් වෙන ජනාධිපතිවරයෙක් වෙන්නේ නැහැ. දූෂණය වංචාව හොරකම අනිවාර්යෙන්ම වළක්වනවා, රට විනාශ කරපු සියලුම දෙනා නීතිය හමුවට ගෙන එනවා, රණසිංහ ප්‍රේමදාස මගේ දිවංගත පියාණන්ගේ නාමයෙන් කියන දේ අනිවාර්යෙන්ම කරනවාමයි කියන එක මං ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා”

