Image

හරිනිගෙ පංතියේ.. කෙළවර බංකුවේ.. පරිසර විද්‍යාව ඉගෙනගත් සජිත් ප්‍රේමදාස.!

පසුගියදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ පරිදි පාර්ලිමේන්තුවේදී සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතිකපත්‍ර සහ ලේඛන සභාගත කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයත් ය.

තම ධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසා සත්‍ය අසත්‍යභාවය තහවුරු කළ හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

සිය විදේශ අධ්‍යාපණයෙන් පසු 2021 සහ 2022 වසරේ විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ බව එවකට එහි ආචාර්යවරියක වූ අගමැතිතුමිය දන්නා බවත් එහිදී පාරිසරික විද්‍යාව සම්බන්ධ මාස්ටර් එකක් සිදුකළ අතර අගමැතිවරිය පැවැත් වූ පන්තිවලට පවා සහභාගි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් පැවසීය.

TRENDING POST