මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනා ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගී වූ “එක්ව ජයගමු බදුල්ල” දිස්ත්‍රික් රැස්වීම ඊයේ (11) පැවැත්විණි.
එහිදී හිටපු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ තමා සජිත් ප්‍රේමදාස මහතා වෙත අභියෝගයක් සිදු කරනා බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ තමා ඉවත්කිරීමෙන් හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය හැකිනම් එම පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත ලබා දෙන ලෙසයි.
ඔහු පවසා සිටියේ මෙරට ප්‍රධාන මාධ්‍ය නාලිකාවක් එම කටයුත්ත සිදු කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි.
ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් හරින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ එවැනි තීන්දුවක්වත් ගත නොහැකි නායකයෙක් මේ රටේ ජනාධිපති වනවා නම් එය ඉතාමත් ඛේදජනක තත්ත්වයක් බවයි.