Image

මෛත්‍රීගේ සහයත් සජිත්ට.?

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අතර දේශපාලන නියෝජිතයින්ද යම් යම් අවස්ථාවලදී එම අදහස සමාජගත කරනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් ඊට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරන්නේ, තමා සමගි ජන බලවේගයට සහාය පළ කරන බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

තම ජීවිත කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිදු දේශපාලන පක්ෂයකට සහාය නොදක්වන බවට සිරිසේන මහතා අවධාරණය කළේය.

TRENDING POST