Image

කයිය ගැසූ ජනපති IMF එක ඉදිරියේ දණ ගහනවා.. රට දුවන්නේ අමාරුවෙන්.! සජිත් ප්‍රේමදාස

පසුගිය 27 වනදා දෙමටගොඩ පැවැති ජනහමුවක් අමතමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පැවසූවේ එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැසූ වත්මන් රජයට IMF එක ඉදිරියේ දණ ගැසීමට සිදුව ඇති බවත් මේ වන විට රට ක්‍රියාත්මක වන්නේ අමාරුවෙන් බවත් ය.

ඔහු පවසන්නේ රටම බදු බර අඩු කරන තෙක් බලා සිටි නමුත් IMF සමග සිදු කළ සාකච්ඡා වලින් පසු එවැනි දෙයක් සිදු නොවු බවත් වැට් බදු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න නොහැකි වීමෙන් ජනපතිවරයා ලබා දුන් පොරොන්දු ඉටු වී නොමැති බවත් ඔහු පවසයි.

එදා වේදිකාවේ කයිවාරු ගැසූ ජනපතිවරයාට අද IMF ඉදිරියේ දණ ගහන්න සිදුව ඇති බවත් මේ වන විට IMF එකේ ඊලග Review එක කල් දමා ඇති බවත් ඔහු පවසයි.

කෙසේවෙතත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට උවද IMF සමග අවස්ථාව රැසකදී සාකච්ඡා පවත්වා ජනතා වරමින් මේ ගිවිසුම සංශෝධනය කරන බවට පැවසූ බවත් ඔවුන් එයට එකග වූ බවත් ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙළ ඉවත් කරන්න පොරොන්දු වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.