සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හතර සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
ජාතික ලැයිස්තුවෙන් හිමි මන්ත්‍රී ධුර පහෙන් එකක් සදහා කල්තියාම මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරව පත් කරනු ලැබු අතර ඔහු පක්ෂයේ මහ ලේකම් නිසා ඒ පත්වීම ඔහුට හිමිවිය.
එහෙත් ලැයිස්තුවේ දෙවැනියට නම තිබෙන සභාපති ඉම්තියාස් එළියේ තබාගෙන පක්ෂයේ ලේකම්වරයා පමණක් ගැනීමේ දේශපාලන සදාචාරය කුමක්දැයි සජබයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන බව වාර්තා වේ.
පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර මන්ත්‍රීවරු පිරිසක් පසුගිය සතියේ පාර්ලිමේන්තුව ඇතුලේ එක්ව මේ පිළිබඳ රහසිගතව සාකච්ඡා කර ඇත.