සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන ඊයේ (19) දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්ම අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන ලබාදීමට කටයුතු කළ බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය සදහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කරයි.