Image

සජබ ආණ්ඩුවෙන් නව බදු සූත්‍රයක් ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

රට තුළ ක්‍රියාත්මක වන බදු සූත්‍රය අසාධාරණ බැවින් එය වෙනස් කරමින් නව බදු සූත්‍රයක් වෘත්තිකයින් ඇතුළු සියලුම දෙනා සඳහා ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

රාජ්‍ය ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත් බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර රජයේ ආදායම වැඩිකර ගැනීමට කටයුතු කරන බවත් බදු සූත්‍රයේ පැහැදිලි වෙනසක් ඇති කරන බවද විපක්ෂනායකවරයා සදහන් කරයි.

රටේ මූලික අයිතියක් බවට සෞඛ්‍ය ක්ෂේත්‍රය පත් කරන බවත් ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් සමගි ජන බලවේග ආණ්ඩුව යටතේ ගෙන එන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.

TRENDING POST