ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු පැය 48ක් තුළ විසඳන බවත් ඒ සදහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කළේ,
“පැය 48ක් තුළ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල ගැටලු, ප්‍රශ්න ඒ සියල්ලක්ම විසඳන ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවනවා. ඒ වැඩපිළිවෙළ තුළ දිනවකවානු සහිත ඔබ මුහුණදෙන ගැටලුවලට විසඳුම් ලබාදෙන වැඩසටහනකට අපි අනිවාර්යෙන් මුල පුරනවා.
අපේ රටේ ආරක්ෂක පද්ධතිය තුළ රට දැය වෙනුවෙන් සුවිශේෂි කාර්ය භාරයක් ඉටුකරන මේ සියලුම රණවිරුවන් නිර්දේශපාලනීකරණයට ලක්කර, ඔබට ඔබගේ රාජකාරිය ස්වාධීනව, ඇඟිලි ගැසීම්වලින් තොරව කරන්න.
එක පැත්තකින් අපේ ජාතික ආරක්ෂාව අපේ රටේ අනෙක් පැත්තෙන් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරන යුගයක ඔබවත් අපි කොටස්කරුවන් කර ගන්නවා.
ඔබ විශ්‍රාමික වුවත් අපේ දූෂණ විරෝධී වැඩසටහනේ කොටස්කරුවන් බවට ඔබව පත්කරගෙන මේ රට දූෂණයෙන් දෙවැනි මානූෂිය මෙහෙයුමේ පෙරමඟ ගමන්කරුවන් බවට අපි ඔබව පත්කරනවා.
විශේෂයෙන්ම අපේ රටට මහා කොඩිවිනයක් තිබුණ කුඩු ජාවාරම අනිවාර්යෙන්ම මුලිනුපුටා දැමීමට ඔබ සියලුදෙනාගේ දායකත්වය ලබාගන්නවා.”
‘දිවිදෙන රණවිරු බලවේගය’ සංවිධාන කළ සමුළුවට එක්වෙමින් අපේක්ෂක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.

