Image

සජිත්ගේ ප්‍රබල මන්ත්‍රීවරුන් 5ක් රනිල්ට එක්වෙයි.!

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙකු දැනටමත් එක්ව ඇති බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි.

ඉදිරි දින කිහිපයේදී සමගි ජන බලවේග පක්ෂයේ ප්‍රබලයින් හතරක් පහක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පළ කිරීම සදහා එක්වන බවද හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර සදහන් කරයි.

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර තවදුරටත් සදහන් කළේ,

“අද වෙනකොට සජබයේ මන්ත්‍රීවරු 14ක් එළියට බැහැලා ඉවරයි. හෙට අනිද්දා වෙනකොට තවත් ඡන්ද තියෙන හතර පහක්, මේ සජබය ගොඩ නඟපු අය එළියට බහිනවා.”

අලුත්ගම පැවති තරුණ සමුළුව අමතමින් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මේ බව සදහන් කරයි.

TRENDING POST