කොටි ත්‍රස්තවාදීන්ට අවි ආයුධ ලබාදුන්නේ සජිත් ප්‍රේමදාස බවත් බටලන්දේ නියමුවා වන රනිල් වික්‍රමසිංහට ජාතික ආරක්ෂාව තහවුරු කල නොහැකි බව පොදුජන පෙරමුණ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාකාරි රාජ්‍ය සේවකයින්ට කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත් වෘත්තිය සමිති හදාගෙන අඩාල කරන බවත් අධ්‍යාපනය විනාශ කරන බවත් ගුරුවරයාගේ ගරුත්වය විනාශ කරන බවද මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි.
මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි තවදුරටත් සදහන් කළේ,
“කොටින්ට අවි ආයුධ දුන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැහැ. ඒ අවස්ථාවේ තිබුණු බටලන්දේ තිබුණු අත්දැකීම් සහ විවිධ අත්දැකීම් පාවිච්චි කරලා කොලහල තත්වය මැඩපවත්වන්න පුළුවන් වුණා. දමිළ, මුස්ලිම් ඡන්දය ගැනීමේ පරමාර්ථයෙන්ම විනා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිම තැකීමක් නැතිව තමයි මේ අපේක්ෂයින් තුන්දෙනා කටයුතු කරන්නේ.
නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පොහොට්ටුවේ කඳවුර මොන හේතුවක් නිසාවත් 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කරන්නේ නැහැ. එහි යම් යම් හොඳ කාරණා ක්‍රියාත්මක කරනවා සේම මොන හේතුවක් නිසාවත් වෙනම රාජ්‍යක ස්වරූපය හදන්න පුළුවන් විදිහේ පොලිස් බලතල, ඉඩම් බලතල අපි 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කරන්නේ නැහැ. රට හදන්න පුළුවන් ප්‍රතිපත්තිමය සැලැස්මක් තිබෙන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාටයි.
යහපාලන ආණ්ඩුවෙන් කරපු දෙයක් නැහැ ආපස්සට දැම්මා. ඔවුන් කලේ මහින්ද මහතා ගෙනාපු වැඩසටහන රනිල් වික්‍රමසිංහ මහතා කලේ විවෘත කිරීමක් පමණයි. මේ සියල්ල චෝදනා කරනවා විනා මේ එකක්වත් සංවර්ධන කරන වැඩසටහනක් අපි මේ ආණ්ඩුවලින් දැක්කේ නැහැ. අපේ ආණ්ඩුව හරහා ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීම, මහා ප්‍රමාණ ව්‍යාපෘති ගේන්න මේ සියල්ල පුළුවන්කම තිබෙන්නේ මහින්ද චින්තනයට පමණයි.
සමහරු කියනවා තෙල් පෝලිම, කිරිපිටි පෝලිම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නතර කළා කියලා. නමුත් කාංචන ඇමතිතුමාට අභියෝග කරනවා තෙල් පෝලිම, ගෑස් පෝලිම නතර කරන්න ප්‍රධාන සාධකය වුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා සාකච්ඡා පවත්වලා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ගෙනාපු ඩොලර් බිලියන හතරේ මුදල නිසා නොවේද මේ තත්වය සමථයට පත්කරගන්න පුළුවන් වුණේ කියලා.”
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව සදහන් කරයි.

