Image

රනිල් – සජිත් එක්වී අනුරට අභියෝග කරයි.? තීරණාත්මක සාකච්ඡා අරඹයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයන් එක් කිරීම සඳහා තීරණාත්මක උත්සාහයක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති බව වාර්තා වේ.

මෙම ජනාධිපතිවරණයේදී කිසිවෙකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් ඇති බව සමීක්ෂණ ගණනාවකින් හෙළිවීම මත එම දෙපාර්ශවය සමග කටයුතු කරන ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන් කිහිප දෙනෙකු ඒ සදහා ප්‍රමුඛත්වය ගෙන ඇත.

එම දෙපාර්ශවය සමග කටයුතු කරන ප්‍රබලම ව්‍යාපාරිකයන් හා දේශපාලඥයන්ගේ සාකච්ඡා සාර්ථක වුවහොත් සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ අතර ඊළඟ ආණ්ඩුවේ ඉහළම තනතුරු බෙදී යාම සිදුවනු ඇති අතර මේ පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

TRENDING POST