සමගි ජන බලවේග පක්ෂය සමග එක්සත් ජාතික පක්ෂය එක්වීමට අදාල සාකච්ඡා පිළිබඳව නිශ්චිත නිගමනයකට මේ වනවිට පැමිණ නැති බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.
මහ මැතිවරණය සදහා විපක්ෂයක් හදාගැනීම සදහාවත් විපක්ෂ කණ්ඩායම් වලට එකඟවීමට නොහැකි නම් “විපක්ෂයත් අනුරටම දුන්නා නම් ඉවරයි” බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සදහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉවත් වී රුවන් විජේවර්ධනගේ පක්ෂ නායකත්වය තුළ සජිත් ප්‍රේමදාස වෙත අගමැති අපේක්ෂක ධූරය පිරිනමා තරග වැදීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.
රටේ ප්‍රබල විපක්ෂ සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් ඇති අවස්ථාවක විවිධ කොන්දේසි පනවමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ගෙනයන ප්‍රතිපත්තිය පිළිගත නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වේ.

