Image

රනිල් – සජිත් ජනාධිපතිවරණයට ආවට ආයෙ එන්නේ නෑ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය ජනාධිපතිවරණයේදී වවුනියාව දිස්ත්‍රික්කයට පැමිණිය ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඒ දෙන්නා නොපැමිණෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

අපේ රට හැම ආකාරයට බෙදී තිබෙන රටක් බවත් එම බෙදීම් වලින් අපේ රට ඉස්සරහාට යන්න බැරි වෙන බවත් ජාතික ජන බලවේග ආණ්ඩුව රටේ බෙදුණු යුගය අවසන් කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් නිතීපතිගේ උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බවත් රටේ සියළු දෙනා එකතු කරන දේශපාලන බලවේගය ජාතික ජන බලවේගය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජාතිවාදීව බෙදී දේශපාලන කළ නොහැකි බවත් සියළු ජනතාවගේ විශ්වාසය දිනාගත් දේශපාලන ව්‍යාපාරය හැටියට එකට එකතු වෙලා තිබෙන බවත් සියළු ප්‍රශ්ණ විසදිය හැකි බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

උතුරේ ජනතාවගේ ඉඩම් විවිධ ආරක්ෂක හේතු මත පවරාගෙන ඇති ඉඩම් යළි ඒ අයට ලබා දීමට කටයුතු කරන බවත් උතුරේ ධිවර කර්මාන්තය රැක ගැනීමට ආණ්ඩුව හැටියට උපරීමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

වවුනියාව පැවැති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST