Image

අගමැතිගේ ප්‍රකාශයට නීතිඥ සාමූහිකයේ විරෝධය

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසයි.

ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවට වන ප්‍රකාශය පදනම් විරහිත බවය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් තවදුරටත් මෙලෙස අදහස් පළ කළේය.

“කියවා බලන්න පොලිස් ආඥා පනත. ගිය වරත් මේ ප්‍රශ්නයකට මුහුණදුන්නා කලින් පොලිස්පතිවරයෙක් සම්බන්ධවත්. ඒ නිසා පොලිස්පතිවරයෙක් එහෙම හදිසියේ කනෙන් අල්ලලා දොට්ට දාන්න බෑ. එහෙම හිතාගෙන ඉන්න අය ඇති. ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අනුගමනය කළ යුතුයි පවතින නීතිය. පොලිස්පතිවරයාට තම ධුරයේ සේවය කිරීම තහනම් කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැත. එබැවින් පොලිස්පතිවරයා විසින් සිය ධුරයෙහි සිදුකරනු ලබන රාජකාරි කටයුතු වැළැක්වීමට ජනාධිපතිවරයාට මෙලෙස වැඩබලන පත්වීමක් ද කළ නොහැක. තවමත් පොලිස්පති ධුරය දරන්නේ හිටපු පොලිස්පතිමයි. ධුරය හිස්වෙලා නෑ. ඒ වගේම පාර්ලිමේන්තුව උත්තරීතරයි. ව්‍යවස්ථාදායක සභාවේ බලය අධිකරණයකින් විමසා බැලිය නොහැක. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැත. එබැවින් වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවේ.”

‍ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා,

“අද දින තුළ අගමැතිවරයා, දක්වා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීරණ ප්‍රශ්න කරන්න බෑ කියලා අධිකරණයට. ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවාද්‍යයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්න කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ. එහෙම වුණානම් ඒකෙන් පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත්. අද ජනාධිපතිවරයා කියනවා නම් ඔහුට ධුරයේ කාර්යයන් කරන්න බෑ කියලා එහෙම නම් ඔහු තාවකාලිකව අයින් වෙලා කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න ඕනේ. ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. වැඩබලන පොලිස්පතිවරයා පත්කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ වගකීමක්. ඒකෙන් ඔහුට මඟ හැරයන්න බෑ.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.