කුවෙට්හි දී අත්අඩංගුවට ගත් ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු නිදහස් කර ඇත.
කුවේටයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ රාත්‍රී කාලයේ නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
කුවෙට් පොලීසිය මගින් පසුගිය 2 වැනිදා 26 දෙනෙකු අත්අඩංගුව ගෙන තිබුනේ එතෙර අපි නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේදීය.
එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
ගායක ගායිකාවන්ට අමතරව එම ප්‍රසංගයට පැමිණි සංගීත කණ්ඩායම සහ එය සංවිධානය කළ පිරිස මෙන්ම සංගීත කණ්ඩායමේ වාදන භාණ්ඩ ද පොලිස් භාරයට ගෙන තිබුණි.
තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත් වීම මත ඊයේ රාත්‍රී මෙම පිරිසෙන් 24 දෙනෙකු නිදහස් කර ඇති අතර සංවිධායක මණ්ඩලයේ දෙදෙනෙකු තවදුරටත් පොලිස් අත්අඩංගුවේ සිටියි.