Image

දිය හැලිය රත්වෙන කල් නටපල්ලා… ආණ්ඩුවක් හදලා ම හොරු අල්ලනවා…! – සමන්ත විද්‍යාරත්න

ඉදිරි මහා මැතිවරණයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවා ඉතා කඩිනමින් දූෂිතයින්ට, වංචනිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“අපට කියන්න තියෙන්නේ ලිප ගිනි මොළවන තෙක් දිය සැලියේ කියලා. නොවැම්බර් 14 වෙනිදා හොඳටම හැලිය රත්වෙනවා. හැලිය රත්වෙලා ජනතාවාදී බහුතරවාදී බහුතර පාලනයක් මේ රටේ බිහිවෙනවා.

බිහිවුණාට පස්සේ ඒ කට්ටියට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් අරගෙන කටයුතු කරන්න සූදානම්. ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා දීපු ජනාධිපති ධුරයෙන් වැඩගන්න, ඒ ජනාධිපතිතුමාට පහසු වෙන්න, ඒ යන ගමනට ශක්තියක් වෙන්න, ඔබේ ඡන්දය ජාතික ජන බලවේගයේ මාලිමාවට දෙන්න.”

TRENDING POST