Image

තව මාස දෙක තුනයි.. ආණ්ඩුව පෙරළන්න ඉන්න අය බන්ධනාගාරයට.!

ජාතික ජන බලවේග ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ දරන විපක්ෂ කණ්ඩායම් වලට ඉදිරියේදී පෙරලී යාමට සිදු අනුව ඇත්තේ බන්ධනාගාරයට බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට උත්සාහ දරන විපක්ෂයේ පුද්ගලයින් කරපු වැඩ වලට අදාළ ෆයිල් ටික හැදෙන බවත් එම ෆයිල් තවත් මාස දෙක තුනක් ⁣යනකොට උසාවියට ඉදිරිපත් කරන බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කරයි.

අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සදහන් කළේ,

“ආණ්ඩුව පෙරළනවා කියලා පාරම්බාන විපක්ෂයේ අයට එළියට නොපොනුනාට ඒ අය කරපු වැඩ වලට අදාළ ෆයිල් ටික ඇතුළෙන් හැදෙනවා. තව මාස දෙක තුනක් යනකොට නඩු එක දෙක උසාවියට එනවා. නඩු ටික අහලා තීන්දු ටික දුන්නාම ආණ්ඩුව පෙරළන්න ඉන්න අයට බන්ධනාගාරවලට පෙරළිලා යන්න වෙනවා. ආණ්ඩුව පෙරළන්න කාටවත් බැහැ.”

රිදීමාලියද්ද ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.