Image

අපි ආවේ පස් අවුරුදු ටෙස්ට් මැච් එකකට… ලබන මාසේ හයේ හතරේ ඒවා ගහනවා.. එතකොට අත්පොළසන් ඕන…! – ඇමති විද්‍යාරත්න

20/20, එක්දින තරඟ, දින 3 සහ දින 5 ටෙස්ට් තරඟ යනුවෙන් ක්‍රිකට් තරඟ වර්ග ගණනාවක් ඇතත් තමන් ආවේ අවුරුදු 5ක ටෙස්ට් තරඟයක් සඳහා බව ඇමති සමන්ත විද්‍යාරත්න පවසයි.

“අපි ගහන්නේ 20/20 මැච් එකක් නෙමෙයි. 20/20 මැච් නම් පටන් ගත් වෙලාවේ ඉඳලා නෙළනවා. හයේ හතරේ ඒවා ගහන්න හදනවා.

ටෙස්ට් මැච් එහෙම නෙමෙයි. පන්දු තෝරගන්නවා. පිටිය අඳුන ගන්නවා. පන්දු එවන්නේ කවුද බලනවා. හැබැයි පිටියේ ස්ථාවර වුණාම ලකුණු රැස් කරන්න පටන් ගන්නවා.

දැන් පිටිය ටිකක් ස්ථාවරයි. අපිත් ලබන මාසේ ඉඳලා හයේ හතරේ පහරවල් ටිකක් ගහන්න බලනවා. එතකොට අත්පොළසන් දෙන්න. ලකුණු ගන්න කොට සන්තෝෂයිනේ.

සමහරු සමහරු කියනවා තට්ටු කර කර ඉන්නවා. අල්ල අල්ල ඉන්නවා කියලා. එහෙම තමයි ටෙස්ට් මැච්. “

TRENDING POST