සමලිංගික පෙම් සබඳතා සහ සමලිංගික චර්යාවන්ට බොහෝ පාසල් දරුවන් පෙලඹී සිටින බව අනාවරණය වී ඇතැයි නීතීඥ හා වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ සදහන් කරයි.
ප්‍රධාන පෙළේ බාලිකා පාසල්වල මෙම තත්ත්වය ඉතා ඉහළ මට්ටමින් පවතින බවත් නේවාසිකාගාර ඇති පාසල්වල මෙම තත්ත්වය දරුණු බවත් නේවාසිකාගාරවල පාලිකාවන්ද දැරියන් මෙවැනි සබඳතාවලට පොලඹවා ගන්නා බවට අනාවරණය වී ඇතැයිද වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ සදහන් කරයි.
වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ සදහන් කළේ,
“ගම්බද පාසල් වලින් පහේ ශිෂ්‍යත්වය සමත්ව නාගරික පාසල් වලට ඇතුළත් වන ළමයින්ට අලුතින් මිතුරු වන ළමයින් බොහෝ විට මෙවැනි සබඳතා වලට යොමු කරගෙන ඇති බව දක්නට ලැබෙනවා.
පිරිමි ළමයින්ගේ පාසල්වල මෙය කාන්තා පාසල්වලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වුවද සැලකිය යුතු මට්ටමකින් දක්නට ලැබෙනවා. එහිදී ක්‍රීඩා කණ්ඩායම්වලට අලුතෙන් එක්වන හෝ පුහුණුවට පැමිණෙන අලුත් ළමයින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් මේ සදහා යොමු කරගන්නා බව දක්නට ලැබෙනවා.
විශේෂයෙන් කණ්ඩායම් තරග සදහා සහ කඳවුරු සදහා පාසලෙන් පිටතට ගොස් රාත්‍රී කාලයන් රැඳී සිටින අවස්ථා වලදී මේ සදහා යොමුවන බව සමහර ළමයින් විසින් මා හමුවේ අනාවරණය කළා. වයස අවුරුදු එකොළහ දොළහ වැනි ළාබාල වියේ දරුවන් විශේෂයෙන් ගැහැනු දරුවන් සමලිංගික ක්‍රියාවන්ට යොමුවීම ඉතා බරපතළ කරුණක් ලෙස සැලකිය යුතු වෙනවා.
ඒක හරියට මත්ද්‍රව්‍ය ගත්තා වගේ ස්නායු උද්දීපනයන් හේතුවෙන් ඇබ්බැහි වීමේ දැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ ප්‍රේම සබඳතා සමහර විට එක් අයකුට පමණක් සීමා වන්නෙත් නැහැ. පහුගිය කාලේ කුඩා දරු දැරියන්ට පවා ජංගම දුරකථන වල සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කිරීමට ඉඩ දීම මගින් ඒ තුළ සකසා ගන්නා කණ්ඩායම්වල සාමාජිකයන් අතර අන්තර්ජාලය ඔස්සේ ද තම තමන් නිරාවරණය වී ලිංගික උත්තේජනයන් ලබා ගන්නා බව දක්නට ඇත.
බොහෝ පාසල්වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලිවම දැනුවත්ව සිටියත් ඒවා බාහිරට නිරාවරණය වීම මගින් පාසලේ කීර්තිනාමයට හානියක් වීමට ඉඩ ඇති බව සලකා මවුපියන් දැනුවත් කිරීමට හෝ වෙනත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමක් හෝ විදුහල්පතිවරුන් කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ පාසල්වල මෙය ප්‍රසිද්ධ රහසක් බවට පත්ව තිබෙනවා.”

