Image

ෆොන්සේකාගේ හෙළිදරව්වෙන් ස.ජ.බ කැළඹෙයි.. සජිත්ට කළු පැල්ලමක්

ජනාධිපති ධූර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඊයේ (23) පැවති රැස්වීමක් අමතමින් පවසා සිටියේ පසුගිය මැතිවරණයේදී පාක්ෂිකයන්ගේ ඉල්ලීම අනුව තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී සමඟි ජන බලවේගයෙන් තරඟ කර ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු වැනියා ලෙස පාර්ලිමේන්තුවට පත් වූයේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂය ගෞරවාන්විත ලෙස මෙහෙයවනු ඇති බවට වූ බලාපොරොත්තුවෙන් වුවත් පසුව සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය තමාව කලකිරීමට පත්කළ බවයි.

ඔහු පවසන්නේ පසුගිය ආණ්ඩුවේ අර්බුදකාරී අවස්ථාවේ, මහින්ද රාජපක්ෂ අගමැති කමින් ඉවත් වී ඇති මොහොතේ තමා සමග තවත් සජබ මන්ත්‍රීවරු 20ක් එක්ව රට ගැන සිතා ආණ්ඩුව භාරගමු යැයි සජිත් ප්‍රේමදාස මහතාට යෝජනා කළ බවත් එහිදී බහුතරය නොමැතිව තමාට ආණ්ඩුව කළ නොහැකි බව ප්‍රේමදාස මහතා පැවසූ බවයි.

කෙසේවෙතත් එම අවස්ථාවේ සමඟි ජන බලවේගය සතුව මන්ත්‍රීවරු 54 දෙනෙකු සිටියදී ආණ්ඩුව භාරනොගන්නා හේතුව තමා හර්ෂද සිල්වා මහතාගෙන් විමසූ බවත් එහිදී එම අවදානම ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා අකමැති බව ඔහු පැවසූ බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.