Image

2025 වසරේදී පාසැල් දරුවන්ට 100%ක් චීනයෙන් නොමිලේ.!

මෙරට චීන තානාපති චී.ෂෙන් හොනග් මහතා පැවසන්නේ මෙරට පාසල් සිසුන්ට 2025 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බවයි.

තානාපතිවරයා වැඩිදුරටත් පැවසූවේ වසර 2023 දී 70%ක් සහ 2024 වසරේ දී 80% ක් ශ්‍රී ලංකාවේ පාසල්වල සිසු දරු දැරියන් සඳහා පාසල් නිල ඇඳුම් චීන රජය පරිත්‍යාග කළ බවත් නව වසරේ දී එම ප්‍රමාණය 100% දක්වා වැඩි කිරීමට චීනය තීරණය කර තිබෙන බවයි.

එය මේ වසර අවසන් වීමට පෙර කාණ්ඩ 3ක් යටතේ ලබා දීමට අපේක්ෂා කරන බවත් තානාපතිවරයා සඳහන් කළේය.

කැප්පෙටිපොළ ජාතික පාසලේ දී අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

වීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරකු වගේම හොඳ හවුල්කරුවකු බවත් වත්මන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රබල නායකත්වය යටතේ ශ්‍රී ලංකාව නව යුගයක් කරා ගමන් කරමින් සිටින බවත් හෙතෙම මෙහිදී අවධාරණය කළේය.

TRENDING POST