Image

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සිසුන්ට සුබ ආරංචියක්.!

නව පාසල් වාරය ආරම්භ කිරීමට පෙර සියලුම පාසල් සිසුන් අතට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.

එම පාසල් නිල ඇඳුම් කටට්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව සදහන් කරයි.

2025 වර්ෂය සදහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවය රෙදි මීටර් මිලියන 11,817ක් වන අතර පාසල් නිල ඇඳුම් දීමට නියමිත සිසුන් සංඛ්‍යාව 4,640,086ක් බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරයි.

ඒ අනුව නව පාසල් වාරය ආරම්භ වන ජනවාරි (27) වැනිදාට පෙර සිසුන් අතට නිල ඇඳුම් රෙදි ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කරයි.

TRENDING POST